කොළඹ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා ඇති බව වාර්තා වේ.
එහි අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ මෙරට ඩෙංගු රෝගීන්ගෙන් සියයට විස්සක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි.
ඒ අනුව මේ වසරේ ගත වූ දින 18 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6689ක් වාර්තා වී ඇති බවට ඔහු පවසා තිබේ.