ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ රථවාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාර්ගයට ඇතුළුවීමට අවසර ලබාදෙන දෙන බවද, ලේක් හවුස් ඉදිරිපිට නෙළුම් මාවත සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බවද වාර්තා වේ.
ගලදාරී හෝටලය ආසන්නයේ මාර්ගයද වසා දමමින් තිබෙන බවද සදහන් වාර්තා වේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද පා ගමනකින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණීමට නියමිතව තිබේ.