කොළඹ පරයා දඹුල්ල ජයගනී

අද (08) දිනයේ ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දඹුල්ල ජයන්ට්ස් සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම් අතර පැවති තරඟයෙන් දඹුල්ල ජයන්ට්ස් ජය ගැනීමට සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 195ක් රැස්කර තිබුණි.

දුෂ්මන්ත චමීර කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් වුණි.

ඒ අනුව ලකුණු 196ක ඉලක්කයක් කරා ගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හර රැස්කළ හැකි වූයේ පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ දී කඩුලු සියල්ල දැවී ලකුණු 177ක් පමණි.

Exit mobile version