කොළඹ මහනගර සභා සීමාවේ පිහිටි දේපළ හිමිකරුවන්ට දැනුම්දීමක්

කොළඹ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය විසින් කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙසට දේපළ හිමිකරුවන්ට දැනුම්දීමක් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දේපලවල අයිතිය සුරක්ෂිත කරගැනීමට එම දේපළ නගර සභාවේ ලියාපදිංචි කිරීම ද අත්‍යවශ්‍ය වන බවයි.

කොළඹ මහනගර සභාවේ www.colombo.mc.gov.lk යන නිල වෙබ් අඩවියට පිවිසීමෙන් නාගරික කොට්ඨාසවලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නොමැති දේපළ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව ද දන්වා ඇත.

Exit mobile version