අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාවයේදී කිසියම් මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවේ දැයි සෙවීමට නියෝජිත කණ්ඩායමක් අනුයුක්ත කර තිබෙන බව මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.
අදාළ නියෝජිතයින් පිරිස ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන බව එහි කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි මහතා පවසයි.
එවැනි උල්ලංඝණය කිරීමක් වෙතොත් ඊට අදාළ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට ද කටයුතු කරන බවද ඔහු පවසන ලදී.
එසේ මාර්ග බාධක යෙදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී තිබෙන බව අප ඊයෙම වාර්තාකරණ ලදී.
අදාළ පුවත පහතින්