ඉරාන ජාතිකයින් 12දෙනෙක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිය දී විෂබීජනාශක දියර පානය කර ඇත.
ඒ අතුරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර සෙසු 10දෙනා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ.
මොවුන් මෙලෙස බන්ධනාගාරගත කර ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ.