කොළඹ වරාය නගරය ජනතාවට විවෘත වේ

අද (10) දින සිට කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ ඉදිකෙරුණු පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය ප්‍රථමවරට ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව සලසා ඇත.

ඒ අනුව අද (10) සිට සෑම දිනකම පෙ.ව.09.00 සිට ප.ව.06.00 දක්වා කාලය තුළ දී එය නැරඹීමේ අවස්ථාව ජනතාවට හිමිවේ.

එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත ඇතුළුවීමට හැකි පිවිසුම් දොරටුව පළමුවරට ජනතාව වෙනුවෙන් විවෘත වූයේ ද අද උදෑසනය.

65 වසරක චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල ‌ෙඑතිහාසික ඡායාරූප ප්‍රදර්ශනයක් ද  පදික මන්ත්‍රීරුවේ දක්නට ඇත.

මෙහි දී මරීනා කලාපයේ පිහිටි සැහැල්ලු යාත්‍රා අංගනයත් දැකබලා ගැනීමේ හැකියාව ද ජනතාවට ලැබේ.

Exit mobile version