පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් පත්කර ඇත.
ඒ අනුව උන්වහන්සේ නොවැම්බර් මස 17 වනදා සිට එම ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එමෙන්ම මීට සති කිහිපයකට පෙර දී උන්වහන්සේ විසින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අභයාරාමය වෙත කැඳවා ගුරු වැටුප් විශමතාවලට අදාළ විරෝධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද කටයුතු කර තිබුණේ එම විරෝධය අවසන් කිරීමට ඉල්ලීමක් කිරීම සඳහාය.
එහි දී ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට සඳහන් කර තිබුණේ උන්වහන්සේට ලඟදීම නව පත්වීමක් ලබාදෙන බවත් ඇතැම් විට එය සරසවියක කුලපති ධූරය විය හැකි බවත් ය.
ජනාධිපතිතුමා පැවසූ අන්දමින්ම එය සනාථ කරමින් උන්වහන්සේට මෙම ධූරය ප්‍රධානය කර ඇත.