පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් විසින් ලබා දුන් පණිවිඩය පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බවයි.
කොළඹ විශ්වවිද්‍යාල විද්වත් කැළ විසින් සෘජු ලෙස තම ප්‍රතිපත්ති රැක ගනිමින් අකමැති දෙයක් සාධරණ වශයෙන් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කළ බවත්, එය ඉතාමත් සාර්ථකව සිදුකළ බවත්, ඔවුන් විසින් ලබා දුන් ආදර්ශය,පණිවිඩය රජය විසින් වටහා ගත යුතු බවත් උන්වහන්සේ පෙන්වා දී ඇත.
ඇඹිලිපිටියේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් මේ පිළිබඳව සඳහන් කර ඇත.