කොළඹ සිට පැරිස් දක්වා ගුවන් ගමන් නොවැම්බරයේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් එළඹෙන නොවැම්බර් 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව එම ගුවන් ගමන් පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා උපයෝගී කරගනිමින් සිදුවේ.

ශ්‍රී ලංකා ගුවන් සමාගම දන්වා ඇත්තේ සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ප්‍රංශය වෙත පියාසර කරනු ලබන බවයි.

Exit mobile version