කෝච්චි නැවතූ මළ සිරුරක්.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.ඒ දුම්රියක ගැටී මියගිය බවට සැක පුද්ගල මළසිරුරක් දුම්රිය මාර්ගයෙන් ඉවත් නොකිරීම හේතුවෙනි.

තොරතුරු වාර්තා වී ඇත්තේ අද (22) පෙරවරු 06.30ට පමණ මෙම පුද්ගලයා පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී ඇත බවටයි.

කෙසේ නමුත් මෙම පුද්ගලයා දුම්රියේ ගැටීමෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ගැනීමට උදෑසන 09 වන තුරුත් කටයුතු කර නොතිබීම නිසා මෙසේ දුම්රිය ගමනයට බාධා එල්ල වී ඇත.

අනතුරුව පේරාදෙණිය පොලිස් නිලධාරීන් පැමිණ මළ සිරුර එමස්ථානයේන් ඉවත් කර ගැනීමට  පියවර ගෙන තිබූ අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වන තෙක් අනාවරණය වී නොමැත.

Exit mobile version