බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ නිවසක සිදු වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ අභිරහස් මරණයේ සුල මුල වෛද්‍ය වාර්තා වලින් හෙළි වී ඇති බව කියයි. ඒ අනුව මෙම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිසියම් වූ මොට ආයුධයකින් හිසට පහර දීමක් නිසා බව වෛද්‍ය වාර්තා මගින් හෙළි වී ඇති බව පොලීසිය සදහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ව්‍යාපාරිකයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පහර දීම සිදු වී ඇති බවත් පහර දීමේදී ව්‍යාපාරිකයා පිහිනුම් තටාකයට වැටී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලින් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,ජේෂ්ඨ පොලිස් අධිකාරී ,නීතීඥ නිහාල් තල්දූව මහතා අද (6) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.