වෙළඳ සැලකින් කිරිපිටි ටින් දෙකක් සොරාගත් බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු දෙසැම්බර් මස දොළොස් වන දා දක්වා ලමා රැදවුම් මධ්‍යස්ථානයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
තම පියා සමඟ ත්‍රිරෝද රථයකින් ගොඩගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් එහි තිබූ කිරිපිටි ටින් දෙකක් සොරාගත් බවට මෙම පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.
පියා දරුවා රැගෙන වෙළඳසැලට ගොස් දරුවා ලවා කිරිපිටි සොරකම් කරවන බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
නැතිබැරි කමට හෝ කුසගින්න නිසා හෝ මේ කුඩා දරුවා කළේ සොරකමක්. එම වරදට අද දඬුවම් ලබා නොදුනහොත් ඉන් ඉදිරියේදී ඊටත් වඩා දරුණු අපරාධ කරුවෙක් සමාජයට බිහිවිය හැකිය.
නමුත් මානුෂීයව අප මේ ගැන සිතුවහොත් මේ දරුවා උසාවි දමා මෙසේ දඬුවම් ලබා දෙනවාට වඩා හොඳින් ඔහුට මෙම වරද පැහැදිලි කරදීමට අපට හැකියාව තිබුණා විය හැක.
රටේ පාලක පන්තියම සොරුන් වී ඇති රටක ජනතාව මෙවැනි ආර්ථික අර්බුදයකට ඇද දමා ඔවුන් තවමත් නීතියෙන් සැඟව සැප විඳියි.
නමුත් එම ආර්ථික අර්බුදයෙන් බැට කන ජනතාව මෙසේ ජීවිතය ගැටගසා ගැනීමට සොරකමට පවා යොමුව ඇත. මෙය කාගෙ වරදක්ද යන්න අප අපගේම හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇත.
තවත් ඉදිරියට රටේ මීටත් වඩා ඛේදවාචක බොහෝ අපට අසන්නට දකින්නට සිදුවනු ඇත. මේ සියල්ලට සම්පූර්ණ වගකිව යුත්තේ මේ රට විනාශ කර දැමූ, රටේ ජනතාවට කුසට අහරක් නැති කල දේශපාලුවන්මය.