ඊයේ (11) රාත්‍රියේ අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උකස් මධ්‍යස්ථානයක් මංකොල්ල කා ඇත.
මෙම උකස් මධ්‍යස්ථානය අනුරාධපුර – මාතලේ හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර එහි සේප්පුව කඩා රු.කෝටි 02කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ අදාළ සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
සැකකරුවන් උකස් මධ්‍යස්ථානය වෙත ඇතුළු වී ඇත්තේ එහි බිත්තිය සිදුරු කරගෙන බව වාර්තා වේ.
එමෙන්ම පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් විසින් වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දත්ත පද්ධතිය ද ගලවා ගොස් ඇති බවයි.