කෝටි 04ක යතුරුපැදි පොලිස් අත්අඩංගුවට.

අධි ධාරිතාවයෙන් යුක්ත යතුරුපැදි 06ක් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබියදී වැලිවේරිය හේනගම ප්‍රදේශයේ දී ගරාජයක් තුළ තිබී සොයාගෙන තිබේ.

මෙසේ ගෙන්වන ලද යතුරු පැදිවල වටිනාකම රු.ලක්ෂ 400ක් පමණ වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම යතුරුපැදි සොයාගෙන ඇත්තේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරකට අනුව වැලිවේරිය හේනගම ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකිනි.

පොලිසිය සඳහන් කළේ පරිදි ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අනුමැතිය නොමැති අධි ධාරිතාවයෙන් යුක්ත යතුරු පැදි කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස් කර අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (22) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version