කෝටි 10 ක ජනතා මුදල් වැයකරමින් තෙල්දෙණිය නගරයේ බස් නැවතුම්පොළ අසල ඉදිකළ මෙම මහල් ගොඩනැගිල්ල වසර 8 ක් පුරාවට ඉදිකර මේ වන විට වැඩ අවසන් කර ඇත.
මෙම ගොඩනැගිල්ල සදහා මහවැලි අධිකාරිය මධ්‍යම පළාත් සභාව මුදල් වැයකර තිබේ.මෙය විවෘත නොකරන්නේ මැද දුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන්ට මෙහි කඩ ලබාගැනීම නිසා බවට තොරතුරු අනාවරණයවී ඇත.ජනතා මුදලින් ඉදිවන මෙවැනි ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීම පසෙකලා එක එක බලකාමී විලිලජ්ජා නැති දුර්ජනයන්ගේ අතට පත්කිරීම සම්පූර්ණ අසාධාරණ ක්‍රියාවකි.ප්‍රාදේශීය සභාවල ක්‍රියා කලාපය අධ්‍යයනය කිරීමට මෙරට තුළ වෙනම පළාත් පාලන ආයතන පිහිටුවා ඇති නමුත් එ ආයතන සහ ඒවායේ බලධාරීන්ගෙන් විය යුත්ත සිදු නොවන බවක් මෙවැනි සිදුවීම් තුළින් ගම්‍ය වේ.
දැන් මෙය අයාලේ යන්නන්ගේ තිප්පොලක් වී හමාරය.පාලුවට ගොස් අතහැර දමන ලද ගොඩනැගිල්ලක් යනු අනිවාර්යයයෙන්ම එය සතුන්ගේ මෙන්ම මිනිස් සතාගේ ද වාස භූමියක් බවට පත්වනු ඇත.සතුන්ගේ වාස භූමියක් වූ විට සිදුවන අනතුරට වඩා එහා ගිය විශාල විනාශයක් මනු සතාගේ වාස භූමියක් බවට පත්වීමෙන් සිදු වනු ඇත.මත්ද්‍රව්‍ය කප්පිත්තන්ගේ මෙන්ම විවිධ අපරාධකරුවන්ගේද නිජ බිමක් බවට මෙවැනි ස්ථාන පත්වනු ඇත.මේ වන විටත් එම ගොඩනැගිල්ල අවටතත්ත්වය එවැනි මානව විනාශකාරී ක්‍රියාවන් සහිත වට පිටාවක් බවට පත්ව ඇත.
තම පළාත් තුළ සිදුවන්නේ කුමක් ද යන්න සොයා බැලීමේ වගකීම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන්ට පවරා තිබුණ ද ඉන් ප්‍රතිඵලයක් සිදුවනවා යැයි නොපෙණෙන බව මේ වන විට පෙනී යන බවට වාර්තා වී ඇත.විවිධ විෂය පථයන් ආවරණය කරමින් විශාල නිලධාරී මඩුල්ලකට පඩි ලබා දෙමින් පවත්වාගෙන යන පළාත් සභා තමන් යටතේ පවතින ප්‍රාදේශීය සභා පිළිබඳව අවධානය යොමු කිරීමට අසමත් තත්ත්වයක් අදමෙරට තුළ උදා වී ඇත.
රටේ පාලන ක්‍රියාවලියේ පුංචිම තැන සිට සිදුවන මෙවැනි දූෂිත ක්‍රියාවන් සමග රටක් ගොඩගැනීම හීනයක්ම පමණි.නමුත් ජනතා මුදල් මෙසේ නාසිති වී යාමට ඉඩ ලබා නොදිය යුතුව ඇත.අප එසේ සිතුව ද අදාළ බලධාරීන් නම් එසේ සිතන බවක් පෙනී යන්නේ නැත.