ඉන්දීය රුපියල් කෝටි 110ක වටිනාකමකින් යුක්ත මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට නියමිතව තිබූ බන සඳහන් වේ.
මෙම වැටලීමෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් සහ ගංජා තෙල් කිලෝ 50ක් එරට ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙම විශාල මත්ද්‍රව්‍ය තොගය මෙරට තරුණ පරපුර බිළි ගැනීම සඳහා මාන බලමින් සිටි මත්ද්‍රව්‍ය තොගයකි.රට තුළ මෙතරම් ආරක්ෂාවත් තිබේ නම් මෙසේ කෝටි ගණන් වටිනා මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාව තුළට ඇතුලු වන්නේ කෙසේද?
මේ සෑම මත් ගනුදෙනුවකම කෙළවර බලය සහ ධනය සැඟව සිටියි.රටේ ආරක්ෂක අංශ මෙන්ම මේ සම්බන්ධ විමර්ශන සිදුකරන බලධාරීන්ගේ ද ඇස් වසා කටයුතු කරන්නේ ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්ගේ බලය සහ ධනය යොදා ගනිමින් විය යුතුය.