කෝටි 2ක මත් කුඩු සමග කතක් අත්අඩංගුවට.

හංවැල්ල ප්‍රදේශයේදී කාන්තාවක් රුපියල් කෝටි දෙකකට ආසන්න හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය හංවැල්ල දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තෙබෙ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ තිබී අයිස් ග්‍රෑම්520 ක්, හෙරොයින් ග්‍රෑම් 202ක්, විද්‍යුත් තරාදියක් හා බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සැකකාරිය ලලිත් කන්නන්ගර නමැති  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව හෙළිව තිබේ.

මෙම ජාවාරම් කාරිය පසුගිය දා හංවැල්ල ප්‍රදේශයේ අපනශාලා කරුට වෙඩිතැබීමේ සිද්ධියට අනුබල දීඇති බවද පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත දකුණු දිශාව  අපරාධ කොට්ඨාසය මගින්වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version