පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට වහලයෙන් පැන රුපියල් කෝටි තුනක් පමණ වටිනා හෙරොයින් තොගයක් සොරා ගත්, වැඩ තහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල් වරයකු හා එයට සම්බන්ධ තවත් පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මෙම හෙරොයින් තොගය මාතලේ ප්‍රදේශයේදී අලෙවි කිරීමට සූදානම් කර සඟවාගෙන සිටියදී අදාළ සැකකරු හා අලෙවි නියෝජිතයකු ගම්පොල පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු මත්ද්‍රවය සදහා තදින් ඇබ්බැහිවී ඇති බවත් මීරිගම පොලිසියේ රාජකාරියේ සිටියදී පොලිස් සැරයන්වරයකුගේ වටිනා භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා වැඩ තහනමට ලක්ව ඇති බව වාර්තාවේ.
මෙම මත්කුඩු ඉකුත් 4 වැනිදා පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කඩා රැගෙන ගොස් තිබු අතර මෙම සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි කරුවකු වේ.
මෙම හෙරොයින් තොගයක් සොරාගත් බව සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇති අතර පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධ වැඩි දුර විමර්ශන සිදුකරනු ලබයි.