කෝප් කමිටුවට සම්බන්ධ වීමට නොහැකි වූ සජිත්

කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වැරදි බවයි.

වාර්තා වන ආකාරයට එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

”මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.”

කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා ඔහුගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කර තිබේ.

Exit mobile version