කෝවිඩ් නැවත ව්‍යාප්ත වෙන්නේ සෞඛ්‍ය බලධාරීන් නිසා

Police officers wearing protective gear stand in formation near the parliament during a protest against a proposed constitution amendment, amid concerns about the spread of the coronavirus disease (COVID-19), in Colombo, Sri Lanka, October 21, 2020. REUTERS/Dinuka Liyanawatte TPX IMAGES OF THE DAY

මේ වනවිට නැවතත් කොරෝනා රෝගයේ වැඩිවීමක් ශ්‍රී ලංකාව තුල දක්නට ලැබේ.

සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මුහුණු ආවරණ ඉවත් කිරීමට තීරණය කර මාසයක් යන්නටත් පෙර මෙම රෝගය වැඩිවීම සිදුවෙයි. එසේ මුහුණු ආවරණ ඉවත් කිරීම නිසා නැවත මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විරෝධතා එල්ලවෙමින් තිබියදී මෙසේ මුහුණු ආවරණ ඉවත් කිරීමේ නිවේධනය නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාශය හොර ගුහාවක් බව කෝප් කමිටුවේදී පවා අනාවරණය වූ අතර ජනතාවට අවශ්‍ය බෙහෙත් වර්ග ලබාගැනීම පවා හිතා මතා අතපසු කර තිබීම නිසා මේ වන විටත් රෝහල් වල අත්‍යාවශ්‍ය බෙහෙත් හිගව තිබේ.

ඒ අතර පෙරේදා කොවිඩ් මරණ වාර්තා නොවන අතර ඊයේ (28) නව ආසාදිතයින් 131 ක්‌ වාර්තා වී තිබේ.

ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 665,379 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,544 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Exit mobile version