කෝවිඩ් මෘතදේහ ගැන පැතිර යන ප්‍රචාරවලට පොලිසියෙන් පිළිතුරු.

බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක කොවිඩ් ආසාදිත ව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ තැනින් තැන දමා ඇති බවට පළ වන වාර්තා සියල්ල අසත්‍ය බව පොලිසිය පවසයි.

එම අදාළ වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා සඳහන් කර සිටියේ.

නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ එම විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බවත් රෝහල්වල පවතින පොලිස් මුර පොරවල් කාර්යක්ෂම කිරීමට ද කටයුතු සැලසුම් කර ඇති බවත් ය.

Exit mobile version