ශ්‍රී ලංකාවේ බොහෝ අමාත්‍යවරුන්ගේ “කතාව දෝලාවෙන්” වුවත් “ගමන පයින්” බව ඔවුන්ට නොදැනෙන්නේ යම් රටක දේශපාලඥයා යනු කවුරුන්දැයි සහ දේශපාලන විද්‍යාව යනු කුමක්දැයි ශ්‍රී ලංකාවේ දේශපාලඥයා ඉගෙන ගෙන නැති වීමයි. ශ්‍රී ලාංකීය දේශපාලඥයා යනු ව්‍යපාරිකයන්ය. නමුත් එසේ නොමැති පුද්ගලයන් කිහිපදෙනෙකු පමණක් සිටී. මෙරට පාලනය කරන නාම මාත්‍රික දේශපාලඥයා නොහොත් ව්‍යාපාරිකයන් අසරණ ජනතාවගේ ලේ උරා බොන්නේ “අපායේ යම පල්ලන්” මෙනි.
මේ වන විට මෙරටට පැමිණ තිබෙන ඉන්ධන නැව් 5 ක් සඳහා ඉන්ධන නොමැතිව වරායේ නැංගුරම් ලා තිබෙන බව වාර්තා වේ. අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගිය දිනයක ස්වර්ණවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කලේ ඉන්ධන නෞකාවක් තෙල් ගොඩ බෑම ප්‍රමාද වීම මත රඳවා තැබීම හේතුවෙන් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 25,000 සිට 50,000 දක්වා මුදලක් ගෙවීමට සිදු වන බවයි. එම ගෙවීම දෛනිකව වෙනස් වන බවත් ඉන්ධන වර්ගය මත වෙනස් වන බවත් සදහන් කල අතර නෞකාවකට අවශ්‍ය මුදල් සොයා ගෙන ඇණවුම් කළ හොත් පවතින මිල අනුව මිලට ගැනීමට සිදුවන බවත් එය ඉහල මිලක් බවත්,ඉන්ධන ඇණැවුම් කිරීම මසකට පමණ කලින්වත් කල යුතුව ඇතැයිද සදහන් කරන ලදී.
නමුත් ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව භාණ්ඩ ඇනවුම් කිරීමට පෙර මුදල් වෙන් කරගත යුතුය. නමුත් විවිධ කොන්ත්‍රාත්වලට අනුව මුදල් ගෙවීම් කල යුත්තේ කෙසේද, හදිසි මිලදී ගැනීම් කල යුත්තේ කෙසේද, නයට ගැනීම් කල යුත්තේ කෙසේද යන්න ඉතාම පැහැදිලිවම එහි සඳහන් කර තිබේ. කෙසේ වුවත් පනතට අනුව මුදල් වෙන් නොකර එසේ ඉන්ධන ඇනවුම් කල නොහැක.
එම නැව් වලින් ඉන්ධන ගොඩබෑම හිඟා කෑමේ ක්‍රමයට නොහොත් මුදල් ලබාදෙන ප්‍රමාණයේ හැටියට සිදුකරන බවද අද දිවයින පුවත්පත වාර්තා කර තිබේ. ඒ අනුව ඉන්ධන නෞකා 5 සදහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්ෂ විසිපන්දාහේ සිට ඩොලර් දෙලක්ෂ පනස්දාහ දක්වා අතර ප්‍රමාණයක් ගෙවන බවට උපකල්පනය කරගත හැකිය. ඒ අනුව මේ ආකාරයෙන් එක් නැවක් වෙනුවෙන් දිනපතාම ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 25,000 බැගින් මාසයක් ගෙවා තිබුණහොත් 25,000 X 30 = 750,000 කි. එය ඩොලර්ය. ඒවා නිකන් ඩොලර් නොවේ. මෙරට සහ පිටරටවල් වල හා දුක් විඳින ජනතාවගේ මුදල්ය.
එසේ නම් මෙසේ අණ පනත් උල්ලංඝනය කරමින් මේ ඉන්ධන ඒකාධිකාරිය කුමන පවුලක් වටා තබාගැනීමට දරන වෑයමක්ද යන්න කිසිවෙකුත් නැති බවද පැහැදිලිය. ගෑස් සහ බලශක්තිය පිලිබඳව හිඟයක් ඇතිකරමින් දවත අර්බුදයක් ඇතිකළේ කවුද?. ගෑස් අර්බුදය විසදීමට මුදිත කෙසේ හෝ සමත් වුවත් ඛනිජ තෙල් අර්බුදය තවමත් විසදීමට නොහැක්කේ ජනාධිපතිගේ පාලනයට එය තවමත් ගැනීමට නොහැකි වූ නිසාද?. එසේ නම් අප අවධානය යොමුකළ යුත්තේ මේ අපරාධයන් සිදුකරන වංචනික දේශපාලන බලවතුන් කවුද යන්න සෙවීමටය.
අමාත්‍ය කාංචන විජේසේකර මහතාද විවිද ප්‍රකාශ කරමින් මේ වන විට සංඝ බේදයක් පවා ඇති කර තිබේ. එසේම තමන් ඇමති ලෙස සිටිමින් ඔවුන්ගේ බලය නොහොත් දූෂිත ක්‍රමයන් වලට යන වියදම ජනතාවට පටවා තිබේ. ඔවුන්ට කුසගිනි නොදැනේ. ඔවුන්ට ජන දුක නොතේරේ. නමුත් විනාශය සහ ව්‍යාපාර කිරීමට හොඳටම තේරෙන බවද, ඒවාට හොඳටම නාඩි වැටෙන බවද පෙනේ. කාංචන විජේසේකර මහතා විදුලි බිල ගැන සමාජයේ කතිකාවතක් ඇතිකරමින් මසකට ඩොලර් මිලියන ලක්ෂ ගනනාවක් තමන්ගේ ඇඟටත් නොදැනීම, ජනතාවට හොරෙන්ම, ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කරමින් නාස්ති කරන බවද පැහැදිලිය.