මේ වන විට කළු ගඟේ උප ගංඟා වන කුඩා ගඟ හා මගුරු ගඟ ආශ්රිත පහත් බිම්වල ප්රදේශයන්හි පදිංචි ජනතාවට ගංවතුර පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
එම ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේ.
එම නිවේදනයට අනුව පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා ඇත.