ගංජා කිලෝ 35ක් විකිණීමට තබාගෙන

විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 09 දින මහකළුගොල්ල පොලිස් වසමේ වේරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

වාර්තා වන ආකාරයට එහි දී දේශීය වියළි ගංඡා කිලෝ 35 ක් ජාවාරම් කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි වේරගොඩ, කන්දඋඩ පන්ගුව, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහකළුගොල්ල ස්ථානය වෙත භාර දී තිබේ.

Exit mobile version