ගජමුතු අලෙවි කිරීමට තැත් කල පුද්ගලයන් අත්අඩංගුවට

නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ගජමුතු 5ක් ,රුපියල් ලක්ෂ 120කට අලෙවි කිරීමට තැත් කළ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

දඹුල්ල පොලිස් විශේෂ කාර්‍යාංශ ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත මාතලේ කොට්ඨාස අපරාධ ඒකකය සිදුකල වැටලීමකදී මෙලෙස නඩු භාණ්ඩ චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට සූදානමින් සිටියදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version