රු.කෝටි පහකට අධික වටිනාකමකින් යුක්ත ගජමුතු අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙක් සමග එම ගජමුතු විශේෂ කාර්ය බලකායේ දෙවන කඳවුර අණදෙන භාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අම්පාර, බුද්ධංගල ආදාහනාගාරය අසල ඊයේ (05) සිදු කරන ලද වැටලීමකින් මෙලෙස ගජමුතු සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 39 – 40 වයස් සීමාවේ පසුවන්නන් වන අතර ඔවුන් අඹකොටේ සහ රන් සෑගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වෙයි.
විශේෂ කාර්යය බලකාය විසින් සිය භාරයට ගන්නා ලද ගජමුතුවල බර ප්‍රමාණයන් වෙන් වශයෙන් ගත්කළ ග්‍රෑම් 84, මිලිග්‍රෑම් 778, ග්‍රෑම් 61 මිලිග්‍රෑම් 627 සහ ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 445ක් වශයෙන් දක්වා ඇත.
එමෙන් ම මෙම ගජමුතු ලබා ගැනීම මොවුන් සිදුකර ඇත්තේ යාල,කුමන සහ උඩවලව යන රක්ෂිතවලින් වන අතර ඔවුන් ඒවා ලබා ගැනීමට වනෝද්‍යාන තුළට ඇතුල්වී වනඇතුන් ඝාතනය කර ඇත් දළ ලබාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
අම්පාර පොලිස් ස්ථානය වෙත සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට භාරදී ඇත.