ඊයේ (02) දින කොල්ලුපිටිය සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පොලිසිය විසින් සිදුකළ වැටලීම් ඔස්සේ සම්බාහන මධ්‍යස්ථාන ලෙස හගවා පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ගණිකා නිවාස දෙකක් වටලා තිබෙන බවට වාර්තා වේ.
එහිදී එම නිවාසය පවත්වාගෙන ගිය කළමණාකරුවන් දෙදෙනෙකු මෙන්ම එහි සේවය කල කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් පුද්ගලයන් වන අතර සැකකාරියන් වයස අවුරුදු 23ත් 32ත් අතර පසුවන්නන් බව වාර්තා වේ. ගල්කිස්ස හා කොල්ලුපිටිය පොලිසි මගින් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.