නව ඔමික්‍රොන් ප්‍රභේදය දැනට හඳුනාගෙන ඇති රටවල් වන දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම පසුගිය දින තහනම් කරන ලදී.
එමෙන් ම පසුගිය දින 14ක කාලය තුළ දී මෙම රටවල් වලින් කිසිදු සංචාරකයෙක් මෙරටට පැමිණ නොමැති බව ද සංචාරක අමාත්‍යංශය වාර්තා කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන පිරික්සීමෙන් මේ පිළිබඳව තහවුරු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සංචාරක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ සංචාරකයින් හැර වෙනත් පුද්ගලයින් මෙම රටවලින් අදාළ කාලය තුළ දී පැමිණ ඇත් දැයි පරීක්ෂා කර බලා සෞඛ්‍ය අංශ විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
එමෙන් ම සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ ඔමික්‍රොන් නව ප්‍රභේද අවදානම සහිත මෙම රටවල පසුගිය දින 14ක කාලය තුළ දී සංචාරය කළ පිරිස් දිවයිනට පැමිණීම අද (28) රාත්‍රියේ සිට තහනම් කෙරෙන බවයි.