ගත වූ පැය 24 තුළ පමණක් දැරියන් හතකගේ ජීවිත සල්ලාලයන්ගේ ගොදුරු බවට පත් වෙලා.

ගත වූ පැය 24 ක කාලයේ පමණක් බාලවයස්කාර දැරියන් 7 දෙනෙකු ලිංගික අතවරයට හා අපයෝජනයට ලක්ව ඇති බවට පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව් දෙනෙක්ම 17 – 18 යන වයස්වල පසුවන බාලවයස්කරුවන් වන අතර වාර්තා වූ සිද්ධීන් හතෙන් හතරක්ම බලහත්කාරයෙන් සිදුව ඇති බවත් ,තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව සදහන්.

පූජාපිටිය,මරදාන,කොටවෙහෙර,දුම්මලසූරිය,පදවිය,මිටියාගොඩ,යටලවත්ත යන පොලිස් බල ප්‍රදේශවලින් මෙම සිද්ධීන් වාර්තා වී ඇති අතර වයස අවුරුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන දැරියන් මෙලෙස දූෂණයට ලක්ව ඇති බවට පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version