📌වැරදි තීරණ ගත්ත අයට පසු තැවෙන්න වෙයි – ගනුදෙනුව බේර ගන්න මම එනවා – ජනක රත්නායක ඔස්ට්‍රලියාවේ සිට විශේෂ අනාවරණයක
📌1000 බිල 4000ක් වෙලා – කොමිසමේ අයටත් ඇත්ත තේරෙන්නේ නෑ – දේශපාලන බලපෑමට ඔවුන් යටවුණා
අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ දමමින් කටයුතු කළ පිරිසට කණගාටු වීමට සිදු වනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
පුද්ගලික සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇති රත්නායක මහතා මෙම අදහස් පළකර තිබෙන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
සිය කාර්යාලයට පොලිසිය විසින් මුද්‍රා තැබීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළකර ඇති රත්නායක මහතා ඒ සම්න්ධයෙන් පොලිසියට ස්තුතිය පිරිනැමීමද විශේෂත්වයක්.
මේ අතර ආණ්ඩුව විසින් මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ බැහැරකරමින් සහ එහි සාමාජිකයින්ට විවිධ බලපෑම් සිදුකරමින් ගෙන යන ජනතා පීඩක ක්‍රියාකාරකම් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.