CSC නේෂන් ලංකා නමැති ආයතනයක් විසින් හොර රහසේ පවත්වාගෙන ගිය යැයි පවසන ළමුන් ජාවාරම පිළිබඳව අප නොදත් තතු හෙළි කිරීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෑතකදී සමත්විය.
ඒ CSC නේෂන්ලංකා ආයතනයේ සභාපති මංජුල උක්වත්ත මහතාව සිය සමාජ මාධ්‍ය සාක්ච්ඡාවක් සඳහා කැඳවීම තුළිනි.
පසුගිය දිනක දී ළමුන් ජාවාරමක් පිළිබඳව සඳහන් කරමින් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් චෝදනා ගොනු කරන ලද, ග්‍රෑන් පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙක් වන මෙම මංජුල උක්වත්ත මහතා, ඇත්ත වශයෙන්ම මෙම ආයතන මුවාවෙන් සිදුකරන ලද ජාවාරම කුමක්ද? ඔහු පවසන පරිදි එය සමාජ සත්කාරයක් පමණක් ද?
මෙම සාකච්ඡාව තුළින් අසන්නට ලැබුණු ඛේදනීයම කරුණ වන්නේ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තයන්ට අනුව මෙරට තුළ දිනකට දරුවන් 800ක් පමණ නැතහොත් වසරකට දෙලක්ෂ අනූ දහසක් පමණ මව්කුස තුළදී ම ඝාතනය කිරීමයි.
ඇත්තටම එය එම මවගේ වරදද?නැතිනම් එවන් අසාධාරණයක් කළ එම නරුම පිරිමියාගේ වරදක් ද? නැතිනම් එම මව්කුසට පැමිණීමම ඒ අහිංසක බිළිඳාගේ වරදද?ඊට අපගේ හෘද සාක්ෂියම පිළිතුරු ලබාදෙනු ඇත.
කෙසේ නමුත් මංජුල උක්වත්ත මහතා විසින් පවත්වාගෙන යනු ලැබූ වැඩ පිළිවෙළ ඔස්සේ සමාජයේ උසස්යැයි නම් දරන පිරිමින්ගෙන් අනාථභාවයට පත් ගැබිණි මව්වරුන් 61 දෙනෙකු සිය කුසේ සිටින දරුවා ගබ්සා කිරීමකින් තොරව එම කිරි කැටියාට මෙලොව එළිය දැකීමට වරම් හිමිකර දී ඇත.
එම මව්වරුන් 61 දෙනාට අවශ්‍ය ආහාර, ඇඳුම් පැළඳුම් මෙන් ම සෞඛ්‍ය පහසුකම්වල සිට දරුවා ලැබෙණ තෙක් ඔවුන්ගේ මානසික සුවය පවා සැලකිල්ලට ගනිමින් සියලු වගකීම් දැරීමට මොහු සමත්ව ඇති බව ඔහු කරන ප්රකාශයන්ගේ පැහැදිළි වේ.
එම මව්වරුන් 61 දෙනාගෙන් 10කුම සිය දරුවන් මෙලොවට බිහි කිරීමෙන් අනතුරුව එම දරුවන් කෙරේ හටගත් ආදරය ,ආශාව ඇතිව ඔවුන් තමන් ලඟම තබා රැකබලා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඔහු සඳහන් කරයි.
එමෙන්ම තවත් මව්වරුන් 15 දෙනෙකුගේ ගැටලු නිරාකරණය කර එම මව්වරුන්ගේ මනස සැහැල්ලු කර ඔවුන් දරුකුස සහිතවම ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර ඇත.
අනෙක් මව්වරුන් 36 දෙනා දරුවන් බිහිකරන තෙක් රැකබලා දරුවන් බිහි කිරීමෙන් අනතුරුව අධිකරණය ඔස්සේ නීත්‍යානුකූලව කුලවැද්දීමේ කටයුතු සිදු කර ඇත.
මෙහි දී යම් නීතිමය රාමුවකට පිට ඔහු කටයුතු කර තිබුණ ද අපගේ හෘද සාක්ෂියට අනුව සිතුවහොත් ඔහුගේ මෙම වැඩපිළිවෙළ තුළින් විනාශ වීමට ගිය පුංචි මල් කැකුළු 61 දෙනෙකුට මෙලොව එළිය දැකීමට හැකියාව ලැබී ඇත.
රටේ ලක්ෂ ගණින් හොර රහසේ ගබ්සා සිදුවන පරිසරයක් තුළ මෙවැනි උතුම් අරමුණක් පෙරටු කරගනිමින් කටයුතු කළ මෙම මහතා ඇත්තටම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ලෙස සැලකිය හැක.
මෙවැනි සමාජයට යහපතක් වන වැඩපිළිවෙළ සඳහා රජයේ අනුග්‍රහය ලබාදෙමින් ඔවුන් දිරිගන්වමින් තවදුරටත් මෙය සමාජගත කිරීම සිදු කළහොත් එතුළින් අහිංසක ජීවිත කෙතරම් සංඛ්‍යාවක් ගලවා ගත හැකිද.
කෙසේ වෙතත් ඔහු පවසන පරිදි මෙය මෙසේ සමාජ සේවාවක් ලෙස සිදුවන්නේ නම් ඒ සියල්ල සත්‍යයක් නම් ඔහු වැනි උතුම් ශ්‍රේෂ්ට පුද්ගලයන් තවතවත් මෙරටට හිමිවිය යුතු සේම ඔහුගේ මෙම වැඩපිළිවෙළද සමාජයට විශාල පණිවිඩයක් වනු ඇත.
සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්,