මොණරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් මිණිපුරගම ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇත.
අනතුරුව ඇයගේ දේහය අවසන් කටයුතු සඳහා රෝහලෙන් නිදහස් කර ඇති අතර පසුව සිරුර සකසා නිවස වෙත රැගෙනවිත් ඇත.
දේහය නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසුව රෝහල් බලධාරීන් පවුලේ සාමාජිකයන් වෙත දන්වා ඇත්තේ එම කාන්තාව කොවිඩ් ආසාදිතව මරණයට පත්ව ඇති බවයි.
ඒ අනුව සෞඛ්‍ය අංශ නිලධාරීන් පැමිණ නිරෝධායන නීතීන්ට අනුගතව දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට රැගෙන ගොස් ඇත.
කෙසේ නමුත් මෙම සිද්ධියෙන් නිවසෙහි සිටි පුද්ගලයන් දදැඩි අපහසුතාවයට ලක්ව ඇති අතර ඒ වන විට එම නිවස වෙත පුද්ගලයින් 200කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති බවට වාර්තා වේ.
සෞඛ්‍ය අංශ විසින් නිවසේ සිටි පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර මෙතුළින් ප්‍රදේශවාසීන් ද දැඩි අපහසුතාවයට ලක්ව ඇත.