පසුගිය දිනක සපුගස්කන්ද තෙල්පිරිපහදුව අසල තිබී හමුවූ සැකසහිත ගමන් බෑගයේ තිබී අත්පා ගැටගසා දමා තිබූ කාන්තා මළසිරුරක් හමුවූ අතර මියගොස් සිටින කාන්තාවගේ සැමියා විසින් අද (05) රාගම රෝහලේ දී මළසිරුර හඳුනාගෙන ඇත.
මියගොස් ඇති කාන්තාව මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් සාෆික් ෆාතිමා නමැති 45 හැවිරිදි දෙදරු මවකි.
මළසිරුර හඳුනාගැනීමෙන් අනතුරුව ඇයගේ සැමියා පවසන ලද්දේ ඇය පසුගිය 29 වනදා හිතවත් කාන්තාවක් මුණගැසීම සඳහා තවත් කාන්තාවක් සමග මාළිගාවත්තේ සිට බ්ලූමැන්ඩල් ප්රදේශයට ගොස් ඇති බවත් එතැන් සිට ඇය නැවතත් නිවසට නොපැමිණි බවත්ය.