සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් පිළිබඳ සංගණනයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත.
ඔහු උපදෙස් ලබා දී ඇත්තේ, අවුරුදු 20ත් 30ත් අතර ,අවුරුදු 18ත්ත් 20ත් අතර සහ අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවලට අයත් තරුණ තරුණියන් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වෙන් වෙන් වශයෙන් සංඛ්‍යා දත්ත ලබා ගන්නා ලෙසය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 336,715ක් වන අතර මේ වන විට ඉන් එන්නත්කරණය සිදුකරගෙන ඇති බවට අනාවරණය වී ඇත්තේ 114,790ක් පමණි.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ගෙන් 99% දෙනෙකු කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන ඇති බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.