ගල්කිස්සේ නිවසක් තුළ අභිරහස් මරණයක්

ගල්කිස්ස පෝච්චිවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී රහසිගත ලෙස මිය ගොස් තිබූ නිරුවත් මළ සිරුරක් සොයා ගෙන තිබේ . එසේ රහසිගත ලෙස මිය ගොස් ඇති පුද්ගලයා කුලී නිවසක තවත් පුද්ගලයෙකු සමග නතර වී සිට ඇති  බවත් මිය ගිය පුද්ගලයා බස් රථ රියදුරෙකු බවත් පොලීසිය පවසයි .

මිය ගිය  පුද්ගලයා සමග කුලී නිවසේ  නතර වී සිටි අනෙක් පුද්ගලයා විසින් තවත් පුද්ගලයෙකුට අදාළ පුද්ගලයා නිවසේ වැටී සිටින බව දැනුම් දී තිබු අතර එම පුද්ගලයා මිය ගිය පුද්ගලයාගේ සහෝදරයාට දුරකථන ඇමතුමකින්  සිද්ධිය සම්බන්ධයෙන්  දැනුම් දී තිබුණි . පසුව මිය ගිය පුද්ගලයාගේ සහෝදරයා අදාළ නිවසට විත්  පරික්ෂා කීරීමෙන් අධික රුධිර වහනයක් සිදු වී තම සහෝදරයා නිවසේ වැටී සිටින බව නිරීක්ෂණය  විය .

මරණකරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය කළුබෝවිල රෝහලේ  මෘත ශරීරාගාරයේ  තැන්පත් කර ඇත . එමෙන්ම  මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මහේශ්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති බව ගල්කිස්ස පොලිසිය සදහන් කරයි.

Exit mobile version