ඊයේ (15) දින සවස ගල්කිස්ස රීටා ප්රදේශයේ ස්පා ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 7 ක් සහ එහිකළමනාකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් වයස අවුරුදු 19 ත් 29 ත් අතර පසුවන කාන්තාවන් වන අතර 44 හැවිරිදි කළමනාකරු කැකිරාව ප්රදේශයේ පදිංචි කරුවකු බවයි සදහන් වන්නේ.
අත්අඩංගුවට ගත් එම පිරිස අද (16) දින ගල්කිස්ස මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.