ගල් අගුරු ගෙන්වීමට කඩිනමින් පියවර.

ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙරටට අවශ්‍ය ගල් අගුරු නෞකා 13ක් සදහා අවශ්‍ය ගෙවීම් කටයුතු සිදුකොට අවසන් කර ඇති බව හා ගල් අගුරු ගොඩ බෑමද කඩිනමින් සිදුකරන බවත්ය.

ඉදිරියේදී ගල් අගුරු නෞකා 36ක්  ලංකාවට ගෙන්වීමට සැලසුම් කර ඇති බව හා ලබන සැප්තැම්බර් මාසය දක්වා නොකඩවා විදුලිය ලබාදීමට අවශ්‍ය තරම් ගල් අගුරු තොග තම සමාගම සතුව පවතින බවද ඒ මහතා පවසා ඇති බවයි  වාර්තා වන්නේ.

Exit mobile version