ගල් අගුරු නෞකා 2ක් මෙම මස දිවයිනට .

ඊයේ (24) දින  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  ලංකා විදුලි මණ්ඩලයේ සහ ලංකා ගල් අගුරු සමාගමේ නිලධාරින් සමග නොරෝච්චෝල් තාප බලාගාරයට අවශ්‍ය කරන ගල් අගුරු ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්චාවක් පැවැත්වූ බව වාර්තා වේ.

ගත වූ කාල සිමාව තුළ ගල් අගුරු නෞකා 10ක් ලබා ගෙන ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය සදහා නෞකා 33ක් ලබා ගත යුතු බව එහිදී සදහන් කර සිටින ලදී.

එම සාකච්ඡාවේදී මෙම මස තුළ දිවයිනට ඒමට නියමිත  ගල් අගුරු නෞකා  7න් 5ක් මේ වන විට ලබා ගෙන ඇති අතර තවත් ගල් අගුරු නෞකා 2ක් මෙම මස දිවයිනට ළගා වීමට නියමිත බව සදහන් කරන ලදී.

පෙබරවාරි , මාර්තු , අප්‍රේල් මාසයන් තුළදී නෞකා  7 බැගින්  ලබා ගැනීමට සැලසුම් කර තිබෙන අතර ඒ සදහා අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා රාජ්‍ය බැංකු 2කින් ඉල්ලීම් කර ඇති බව සදහන් කරයි.

Exit mobile version