නොරොච්චෝල ලක්විජය ගල් අගුරු විදුලි බලාගාරයට අවශ්‍යව තිබූ ගල් අගුරු නෞකා 2කකට මුදල් ගෙවීමට නොහැකිව දින කිහිපයක සිට තවමත් පුත්තලම මුහුදු තීරයේ නවතා ඇති බව ලංකා ගල් අගුරු සමාගම් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පුත්තලම මුහුදු තීරයේ නවතා ඇති ගල් අගුරු නෞකා දෙක සදහා රුපියල් කෝටි 2000කට අධික මුදලක් අවශ්‍යව පවතින බව ඔහු තව දුරටත් කියා සිටියේය .