ගල් අඟුරු ගැටලුවට මූලික හේතු ජවිපෙන්.

බලාගාර සඳහා අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීමේ බරපතළ ගැටලුවක් පැන නැගී ඇත්තේ ‌ෙටන්ඩර් වලින් පරිභාහිරව අමාත්‍යවරුන්ට හිතවත් සමාගම්වලට ගල්අඟුරු ගෙන්වීම සඳහා අවසර ලබාදීම හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී නැවතත් විදුලි කප්පාදු කාලසීමාව ඉහළ යා හැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

ඌව පරණගම, බලගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version