ගව ඝාතන තහනම් කිරීමට අදාළ පනත් සහ ආඥා පනත් 05ක් සංශෝධනයට අනුමැතිය

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ පනත් සහ ආඥා පනත් 05ක සංශෝධනයන් සිදු කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට නීතිපතිවරයා විසින් දැනුම් දී ඇත.

ඒ අනුව අද (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සඳහන් කර සිටියේ එම සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 28 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දේශීය කෘෂිකර්මාන්තය සහ කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ගව ඝාතනය තහනම් කිරීමට රජය විසින් තීරණය කළ අතර, ඒ සඳහා අදාළ වන නීති සහ රෙගුලාසි මෙන් ම පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට  තීරණය කර තිබුණි.

Exit mobile version