නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්‍ර නිකුත් කළ යුතුයි.
චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඊට අදාල උපදෙස් වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරී වරුන්ට ඊට අදාල උපදෙස් ඇතුලත් චක්‍රලේඛනය නිකුත් කර ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.
අදාල පැළ වර්ග රෝපණය කළ බවට තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් මාර්තු 31 වනදායින් පසු ගස් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කළ හැකි බවට දක්වමින් අදාල විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
2022.03.31 වන දිනෙන් පසු නිකුත් කරනු ලබන සෑම දැව හෙලීම් බලපත්‍රය සඳහාම මෙම නීතිය වලංගු වනු ඇති.