පොළොන්නරුව නගර ග්රාමනිලධාරි වසමේ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් හේතුවෙන් පොළොන්නරුව ඔරලෝසුකණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කළ පහර දීමකින් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඔහුගේ නිල රථයෙන් පහර කෑමට ලක් වූ ග්‍රාම නිලධාරිවරයා නංවාගෙන එම ස්ථානයට ගොස් අදාළ ඉඩමේ පවතින ගැටලුව විසදීමට ග්‍රාම නිලධාරිවරයාට උපදෙස් ලබා දී ඇති අතර ඉඩමේ පවතින නීතිමය ගැටළුවක් නිසාවෙන් එය විසදීමට තමාට නොහැකි බව ග්‍රාම නිලධාරිවරයා පවසා සිටියත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නියෝග කර ඇත්තේ එම ගැටලුව විසදා තමා හමුවට පැමිණෙන ලෙසයි. දිස්ත්‍රික් ලේකම්වරයා ඒම ස්ථානයෙන් පිටව ගිය පසු පුද්ගලයෙක් විසින් තමාට පහර දුන් බව ග්‍රාම නිලධාරිවරයා ප්‍රකාශ කරයි.
නමුත් මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රශ්න කිරීම හමුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා එය ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරින් අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න ප්‍රකාශ කරන ලදී.