ග්‍රෙගරි වැවෙන් මල සිරුරක් ගොඩ ගනී

නුවරඑළිය ග්‍රෙගරි වැවට වැටි මිය ගිය පුද්ගලයකුගේ මල සිරුරක් නුවරඑළිය පොලිසියේ ජිවිත ආරක්ෂක නිලධාරින් පිරිසක් විසින් 27වන දින ගොඩ ගැනිමට පියවර ගෙන ඇත.


26වන දින සවස යම් කිසි පුද්ගලයකු නුවරඑළිය ග්‍රෙගරි වැව පාලම අසලින් ග්‍රෙගරි වැවට වැටුන බවට තරුණයන් දෙදෙනකු විසින් නුවරඑළිය පොලිසියට දැනුම් දිමක් කර ඇත.


එම දැනුම් දිම මත නුවරඑළිය පොලිසියේ ජිවිත ආරක්ෂ නිලධාරින් පිරිසක් විසින් පැය 18ක කාලයක් තුල කරන ලද සෝදිසි මෙහෙයුමකදි 27වන දින දහවල් ග්‍රෙගරි වැව තුල තිබු එම මල සිරුර සොයාගත් බව නුවරඑළිය පොලිසියේ නිලධාරියකු පැවසිය.


මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙසේ සොයා ගත් මල සිරුරේ මුදල් පසුම්බියේ තුබු ජාතික හැදුනුම් පත අනුව එම මිය ගිය පුද්ගලයා නාවලපිටිය හරංගල වතුයායේ පදිංචි අවුරුදු 64ක් වයසැති කාර්මික නිලධාරියකු වන රාමන් පත්මනාදන් යන අය ලෙසට හදුනාගෙන ඇති බවත්ය.


නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානිය පරික්ෂාවෙන් පසුව මල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂනය සිදු කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පවසන ලදි.


නුවරඑළිය පොලිසියේ ජිවිත ආරක්ෂක ඒකකයේ පොලිස් සැරයන්වරුන් වන 4226 ජයතිලක, 52121 වීරසිංහ, 40042 චන්දසේන, 1941 රුපසිංහ, සිවිල් ආරක්ෂක නිලධාරි අජිත් ප්‍රියංත යන නිලධාරින් මෙම මල සිරුර සොයා ගැනිමේ මෙහෙයුමට එක්වු බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසි

Exit mobile version