ග්ලෝකල් ෆෙයා 2023 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ රැකියා පොල සහ ජංගම සේවාවේ පළමු අදියර, දේශිය හා ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ලබන වසරේ පළමු කාර්තුව තුළ යාපන නගරයේ දී පවත්වන බව අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරයි.
ග්ලෝකල් ෆෙයාර් 2023 සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
ග්ලෝකල් ෆෙයා 2022 එක්ක අපි ගාල්ලට ගිහිල්ලා ගාල්ලේ තරුණ තරුණියන් දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කරන ගමන් කම්කරු හා සේවක අර්ථසාධක අරමුදල් පිළිබද ප්‍රශ්න ඇතුළු කම්කරු ක්ෂේත්රයේ පැන නගින සියලු ම කරුණු කාරණා සම්බන්ධයෙන් අපි පිළිතුරු ලබා දුන්නා.
විදේශගත වීමේ දී ණය පහසුකම් ලබා දීම, පුහුණුව ලබා දීම ඇතුළු නොයෙක් ක්ෂේත්රත්, මානව සම්පත කළමණාකරණය කිරීම ඇතුළු රැකියා වෙළෙදපොළ සම්බන්ධයෙන් ආරම්භයේ සිට අවසානය දක්වා සියලු ප්‍රශ්නවලට එක තැනකින් විසදුම් ලබා දෙන වැඩපිළිවෙල ග්ලෝකල් ෆෙයා විදියට අපි ගාල්ලෙන් ආරම්භ කළා.
අපි ගාල්ලෙන් පටන් ගත්ත වැඩපිළිවෙල ඒ අත්දැකීම් එක්ක ඊළග අදියර ග්ලෝකල් ෆෙයා 2023 ආරම්භක වැඩසටහන යාපනය නගරයේ දී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
එහි දී ජාත්‍යන්තර රැකියා වෙළෙදපොළ හදුන්වා දීම, කම්කරු ප්‍රශ්න නිරාකරණය ඇතුළු කොළඹ කේන්ද්‍රීය සියලු සේවාවන් උතුරේ ප්‍රධාන නගරය වන යාපනයේ දී ඉටුකර දීමටත්, ඒ කාලසීමාව තුළ ඉදිරිපත් කරන සියලු ප්‍රශ්න විසදන්නත් බලාපොරොත්තු වෙනවා. උතුරුකරයේ ජනතාවට කොළඹ කේන්ද්‍රීය මේ සියලු සේවාවවන් සියල්ල ම යාපනේ නගරයේ දී ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ සදහා ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර ආයතන, ජාත්‍යන්තර රැකියා ආයතන, වඩා වැඩි ඉඩකඩ, පුළුල් අවස්ථා සහ පහසුකම් රැසක් සපයා දීමටත්, විශේෂයෙන් ම මේ අවස්ථාවේ මතුවෙලා තියෙන මිනිස් වෙළෙදාම් පිළිබද කාරණු, නිවැරදි ආකාරයට විදේශගතවීම පිළිබද දැනුම ඇතුළු උතුරේ ජනතාවට අවශ්‍ය සහය, දකුණේ තියෙන ආදරය සහ ළෙංගතුකම සමග ලබා දීමට කටයුතු කරනවා. ඒ නිසා ම තමයි අපේ උතුරට අපේ සැබෑ ලෙංගතුකම දැක්වීමක් හැටියට දකුණෙන් පටන් අරගෙන උතුරට අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්නේ. අපි 2023 පළවෙනි කාර්තුව ඇතුළත ම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.