ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවති හොඳම භාවිතයන් සඳහා වූ පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ වැඩමුළුවේදී “තිරසාර ජීවනෝපායක් සඳහා තිරසාර ව්‍යවසායකත්වය” යන මැයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව, හොඳම පර්යේෂණ පත්‍රිකා 03 අතරට තෝරා ගෙන ඇති බව වාර්තා වේ.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා, ක්‍රම සම්පාදන අධ්යක්ෂ සමන් ජයසේකර මහතා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් නිශාන් චාමර ජයරත්න මහතා විසින් මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන ලදි.
දැනට ගාලු දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ව්‍යවසායක සභාව සහ ප්‍රාදේශීය ව්‍යවසායක සංගම් මගින් හඳුනාගන්නා ලද දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු හා ඒ සඳහා විසඳුම් සෙවීමේ තිරසර ප්‍රවේශයක් ලෙස මෙම පර්යේෂණ පත්‍රිකාව ඇගයීමට ලක්විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ විසිරී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් වෙනුවෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම මගින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවයන්ට ලක් කීරීම මෙහි මූලික අරමුණයි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ නිර්මාණය කළ ව්‍යවසායකත්ව සභාව සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ව්‍යවසායකත්ව සංගම් ස්ථාපන කිරීමත් සිදු කෙරේ.
එහිදී ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපොල නිර්මාණය කිරීමත්,අධීක්ෂණය කිරීමත් සිදු වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි.