අද (11) පස්වරුවේ ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ බිම් මහලේ ගින්නක් හටගෙන ඇත.
මෙලෙස ගින්නක් හටගෙන ඇත්තේ එම කාර්යාලයේ බිම් මහලේ විදුලි පරිපථ මෙහෙයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි කාන්දුවක් නිසා බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ කාර්යාලයේ හදිසි අවස්ථා සංඥා පද්ධතිය ක්රියාත්මක වී ඇති අතර එහිදී දිස්ත්රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සියලුම සේවකයින් පිටතට කැඳවීමට කටයුතු කර ඇත.
පසුව ගාල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සේවකයින් පැමිණ ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.