ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ඇද හැළුණ ධාරානිපාත වරෂාවත් සමග මාරග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බවයි.
වාර්තා වන ආකාරයට ගාල්ල නගරයේ මංමාවත් රැසක් සහ නිවාස රැසක්ද ජලයෙන් යටවී තිබු අතර උපකාරක පංති අවටද මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා එම පංතිවලට පැමිණි සිසු සිසුවියෝ අපහසුවට පත්ව සිටින බවත්
පිටිගල ප්‍රදේශයේ ද පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත්ය.