ගාලු මුවදොර අරගලය ප්‍රචණ්ඩත්වයට මෙහෙයවූ බවට චෝදනා කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර් ගුනරත්නම් ඇතුළු දාහතර දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ සදහා මේ වනවිට පොලිසිය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගෙන ඇති බවද වාර්තාවේ.
එසේම එම වාර්තාවට අනුව රාජ්‍ය විරෝධී ක්‍රියා සඳහා දායකත්වය දැක්වූ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපති උපදෙස් ගැනීමට රජය සූදානම් වන බවද වැඩිදුරටත් සදහන් වේ.
කෙසේ වෙතත් ගාලු මුවදොර අරගලය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ පවතින දැඩි පීඩාකාරී තත්වයන් හේතුවෙනි. එම අරගලයේදී රාජ්‍ය විරෝදී සහ නීතිවිරෝදී ක්‍රියාවන් ආරම්භ වන්නේ 2022 මැයි මස 09 වැනිදාය. ඒ පොදුජන පෙරමුණේ පහරදීම නිසාය. ජනතාව ප්රචණ්ඩ වන්නේ සහ මහජන කැළඹීම් උග්‍ර වන්නේ පැවති රජයේ කටයුතු හේතුවෙනි. මාර්තු මස 31 සිටම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන්නේ නීතිවිරෝදී ආකාරයෙනි. එසේම රාජපක්ෂ පාලනය තුල පීඩාවට පත් ජනතාව මෙම ආරගලයේ කොටස් කරුවන් වේ.
කෙසේ වෙතත් ආරක්ෂක අංශවලින් සිදු වූ නීතිවිරෝදී ක්‍රියාවන් යටපත් කරමින් දේශපාලන පක්ෂ සහ ඒවායෙහි සාමාජිකයන් දඩයම් කිරීම නුසුදුසු ක්‍රියාවකි. පැහැදිලිවම සාක්ෂි නොමැතිව කටයුතු කිරීමෙන් එසේ අත් අඩංගුවට ගන්නා නිලධාරීන් තවත් ප්‍රශ්න ගනනාවකට මුහුණ දීමට සිදුවනු ඇත. එසේම මේ වන විටත් යුරෝපයේ දහස් ගනනක් ශ්‍රී ලාංකිකයන් වීථි බැසීමට සැලසුම් කරමින් සිටින්නේ මෙම මර්ධනයට එරෙහිවය.
රටක් ලෙස ඉදිරියට යාමට නම් ප්‍රථමව නීතියට අනුව කටයුතු කරමින් මාර්තු 31 සිටම සිදු වූ දේවලුත්, රට බංකොලොත් කරමින් කටයුතු කරමින් ජනතාව පීඩාවට පත් කල වගකිව යුතු සියලුම පාර්ශ්ව වලට දඩුවම් දෙමින් සැමට සමානව නීතිය ක්‍රියාත්මක කල යුතුව තිබේ. එසේ නොමැතිව මර්ධනය තුලින් තවත් ජනසමාජයක් නැගී සිටිනු ඇත.